ලිංගික නිදහස තුළ ජීවිතය අඳුරු කර ගන්නා අපේ රටේ සරසවි සිසුවියන්ගේ ඛේදවාචකය

උසස් පෙළ නමින් හඳුන්වනු ලබන්නා වූ මෙරටේ පවත්වනු ලබන ඉතා ම තරඟකාරී වන විභාගයෙන් ඉහළ ම ලකුණු ලබාගෙන පිවිසෙන්නා වූ සරසවි ජීවිතය බොහෝ දෙනා සිතාගෙන සිටින අයුරින් පාරාදීසයක් නම් නොවේ. මන්ද යත් එහි වූ සුන්දරත්වයට යටින් දිවෙන්නා වූ අඳුරු පැතිකඩක් ද එය තුළ වන බැවිනි. කිසිවෙකු විසින්වත් අවධාරණය නොකරන්නා වූත් කිසිවෙකු විසින්වත් එළිපිට කථා නොකරන්නා වූත් එකී දුර්භාග්‍ය තත්වයේ සැබෑ තතු මෙසේ හෙළිදරව් කරමි.

අවුරුදු 19 ක් මව්පියන්ගේ තුරුළේ උණුහුම ලබමින් සරසවි ජීවිතයට පිවිසි පසු මූලික වශයෙන් ම සිදු වන සමාජයීය වෙනස වන්නේ නිදහස නම් වූ සාධකය ජීවිතයේ ප්‍රථම වතාවට තමාට කැමති අයුරින් භුක්ති විඳීමට ලැබෙන්නා වූ වරප්‍රසාදයක් බවට පත්වීමයි. එනම් මව්පියන්ගේ අවවාද උපදෙස් අනුව කටයුතු කරමින් ඔවුන්ගේ අනුදැනුම මත ක්‍රියා කළ කාලය සරසවි ජීවිතයට පිවිසීමෙන් පාසු මුළුමනින් ම අහෝසි වන බව එයින් අදහස් නොකළත් ඒවායේ තිබූ සීමා හා අවහිරකම් යම් තරමකට අවම වීමක් එහිදී සිදු වේ. විශේෂයෙන් ම අප රටේ පවතින දරු-දෙමාපිය සංස්කෘතියට අනුව ඉතා දැඩි බන්ධනයක් දරුවන් හා දෙමව්පියන් අතර පවතින බැවින් අවුරුදු 19ක් නොව අවුරුදු 30ක් ගත වුවත් මවගේ හෝ පියාගේ වචනයකට සංවේදී නොවන දරුවන් සොයාගත නොහැකි නම් එය වූ කලී කිසා ගෝහමියට වූවා සේ කිසිවෙකුත් නොමළ ගෙයකින් අබ සොයා ගැනීමටත් වඩා දුෂ්කර කාර්යයකි. එනිසා මව්පියන්ගේ සෙවණේ හිඳිමින් ඔවුන්ගේ උපදෙස් මත කටයුතු කිරීම නම් වූ පොදු සාධකය සරසවිය තුළටත් පොදු වුවත් එකී රීතියට නිදහස නම් වූ සාධකය එකතු වීම තුළ දෙමව්පියන්ගේ අනුදැනුමෙන් තරමක් ඔබ්බට ගිය ස්වාධීන ව තීරණ ගනිමින් කටයුතු කරන්නා වූ ජීවිතයක් සරසවි අධ්‍යාපනයට පිවිසීමත් සමඟ හිමි වේ.

මෙම ප්‍රායෝගික නිදහසේ සැබෑ උරුමකරුවන් වන්නේ පිරිමි ළමුන් නොව ගැහැණු ළමුන් ය. ඒ මක්නිසාද යත් පිරිමි ළමයෙකු වටා කුඩා කල සිට ම නිදහස නම් වූ සාධකය සමාජයේ පිළිගත් නිර්ණායකයක් ලෙස ක්‍රියාත්මක වුවත් ගැහැණු ළමයෙකු වටා එකී සාධකය ක්‍රියාත්මක වන්නේ ඉතා ම සීමා සහිත වටපිටාවක් තුළ ය. එනම් පවතින සමාජ තත්වය හා සමාජ පිළිලයක් වූ කාම අපරාධ රැල්ළේ බලපෑම මත ගැහැණු ළමයාට හිමි වන්නේ ඉතා ම ඉහළ අවධානයකි. එනිසා ම මවපියන් විසින් පිරිමි ළමයෙක්ට වඩා ගැහැණු ළමයෙකු වෙතට පනවන්නා වූ නීති රීති ඉතාම දැඩි වන අතර නාගරික සමාජ වලට වඩා ග්‍රාමීය සමාජ වල මෙම තත්වය සුලභව දැකිය හැක. කුඩා කල සිට ම මව්පියන්ගේ දැඩි ආරක්ෂාව යටතේ හැදී වැඩෙන ගැහැණු ළමයෙක් වැඩි වියට පත් වූ දා පටන් ඇයට ලබා දෙන ආරක්ෂාව වැඩි වන අතර එයට සාපේක්ෂව නිදහස ක්‍රමක්‍රමයෙන් අඩු වී යයි. එනිසා එලෙස අඩු වන නිදහස බොහෝ ගැහැණු ළමයින් අත්විඳින්නේ උසස් අධ්‍යාපනයට පිවිසීමත් සමඟය. ඇතැම් විට පිරිමි ළමයෙකු දෙස බැලීම පවා දෙම්ව්පියන්ගේ ගර්හාවට ලක් වූ යුගයකින් පසු නිදහසේ අරුණැල්ල යට පිරිමින් සමඟ යහන් ගත වීමට පවා ඇතැම් තරුණියන් චකිතයකින් තොරව පෙළඹෙන්නේ තමාට අහිමි කළ නිදහස හා සතුට අත්විඳීමේ බලාපොරොත්තුවෙනි. එලෙස අහිමි වූ ජීවිතය සොයාගෙන යාමට තැත් කිරීම තුළ අවසානයේ සිදු වන්නේ වසර තුනක හෝ හතරක උපාධියත් සමඟ ජීවිතයට කළු පැල්ලම් රාශියක් ද හිමිවීම ය.

දැනට වසර කිහිපයකට පෙර ක්‍රියාත්මක වූ සංකල්පයක් අනුව මව්පිය රැකවරණයෙන් මිදී සරසවි යාමට පෙර ළමුන් සමාජගත වූයේ නායකත්ව කඳවුරු තුළ ය. එහිදී සම උගත්කම් සහිත සම වයසේ පසුවන යෞවන යෞවනියෝ පිරිසක් සමඟ සති 2 ක් හෝ 3 ක් කඳවුරු ගත් වී හිඳ නායකත්වය පිණිස විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙති. මව්පියන්ගේ තුරුළේ හිඳි ගැහැණු දරුවා සරසවි යාමට පෙර ඇගේ නිදහසේ තිඹිරිගෙය කර ගන්නේ මෙම නායකත්ව පුහුණු කඳවුරු ය. එහි දී ඔවුන් සම වයසේ පිරිමි ළමුන් හා ප්‍රේම සබඳතා ගොඩනගා ගැනීමට පෙළඹෙන අතර ඊට අමතර ව ඇතැම් විට කඳවුරේ නිලධාරීන් සමඟ ද ප්‍රේම සබඳතා ගොඩනගා ගැනීමට ඔවුන් පෙළඹේ. එනිසා එලෙස ගොඩ නැගෙන සබඳතා වල උත්කර්ෂය වන්නේ එම සති 3 න් පසු පිවිසෙන සරසවි ජීවිතය තුළ දී ඔවුන් ලැගුම්හලක කාමරයක් තුළ පෙම්වතා ඉදිරියේ නිරුවත්වන්නියන් බවට පත්වීමයි.

සරසවි ජීවිතය ආරම්භ වනවාත් සමඟ ම ඇරඹෙන මෙම ප්‍රේම සබඳතා තුළ මෙම තත්වය බහුල වශයෙන් දක්නට ලැබෙන අතර ඉගෙනුම ලබන සරසවිය නිවසෙන් බොහෝ දුර බැහැර ව පවතින්නේ නම් ගැහැණු ළමුන් එලෙස ඔවුන්ගේ නිදහස සොයාගෙන යාම ඉතා සුලභ තත්වයකි. එහිදී පෝය දිනවලට හා ඉරිදා දිනවල සරසවි අවට ලැගුම්හල් මෙවැනි පෙම්වතුන්ගෙන් පිරී යාම තුළ ඉස්මතු වන්නේ එවැනි ලිංගික කටයුතු මූලික කරගත් සබඳතා මෙරටේ තරුණ පරම්පරාව විසින් කෙතරම් ආදරයෙන් වැළඳගෙන තිබෙන්නේ ද යන්නයි.

එලෙස පෙම්වතුන් සමඟ ලැගුම්හල් තුළ හා සිනමා ශාලා තුළ කම් සැප විඳීමෙන් ඔබ්බට ගොස් ඇතැම් පෙම්වතියන් සිය පෙම්වතාගේ මනදොළ සන්සිඳවනු වස් සිය කනකර පවා පෙම්වතාට තුටු පඳුරු ලෙස ලබා දීමට පෙළඹෙන්නේ ලිංගිකත්වයේ පහස ඇයට ලබා දුන්නාට ලබාදෙන්නා වූ ත්‍යාගයක් වශයෙනි. එයිනුත් නොනැවතී ඇතමුන් තමාගේ වියදමට කියා දෙමව්පියන්ගෙන් ගෙන්වා ගන්නා මුදල් තම පෙම්වතාගේ අත්ල මත තබන්නේ තමන් විඳිනා සතුටට මුළු ජීවිතය ම වුවත් ඔහු හමුවේ සින්නක්කර කිරීමට හැකි බව ඇය දැනටමත් ඔප්පු කර ඇති නිසාවෙනි.

මෙලෙස නිවසින් කන්‍යාවියක ලෙස පැමිණෙන බොහෝ ගැහැණු ළමුන් සරසවියට පැමිණ මුල් මාස දෙක තුන තුළ දී පූර්ණ ලිංගික ජීවිතයක පහස ලබා ගැහැණුන් බවට පත්වේ. එසේ පත්වීම තුළ පෙම්වතා කවර වරදක් කළත් ඉවසා සිටීමට සිදුවීම අතිශය ඛේදජනක ය. තමාගේ දෙනෙත් ඉදිරිපිට පෙම්වතා වෙනත් පෙම්වතියක් සමඟ සිනමා ශාලාවකට හෝ ලැගුම්හලකට ගියත් ඔවුන්ට ඉවසා සිටීමට සිදුවන්නේ පෙම්වතාට තමා පිදුවේ තම ආදරය පමණක් නොව තමාගේ මුළු ජීවිතය ම වන නිසා ය.

මෙම තත්වයට අමතර ව ඇතැම් ගැහැණු ළමුන් තම ආර්ථික තත්වයට පිළියම් සොයා යෑම පිණිස තෝරා ගන්නා මාර්ග ඔස්සේ ද ඇතැම් විට ඔවුන්ගේ ජීවිත වල පල්ලට ගමන් කරයි. එනම් සරසවි වලට ඇතුළත් වන බහුතරයක් ආර්ථික අඟහිඟකම් වලින් පෙළීම නිසා නිවසින් බැහැර ව සරසවියේ නේවාසිකාගාරයේ හෝ සරසවිය අසල වෙනත් ස්ථානයක පදිංචි වී සිටිමින් එම ස්ථානයට, කෑම බීමවලට හා ඇඳුම් පැළඳුම්වලට මෙන් ම අධ්‍යාපන කටයුතුවලට ද වියදම් කිරීමට අධික මුදලක් අවශ්‍ය වන නිසා එයට පිළියම් ලෙස ද ඇතමුන් වැරදි මාර්ග වලට පිවිසේ. මෙයට නිදසුනක් ලෙස සඳහන් කළ හැකි එක් සිද්ධියක් වන්නේ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ “සරසවි දියණියෝ” නවකථාව තුළ ඔහු විසින් ප්‍රකාශ කරන පරිදි ඇතැම් ගැහැණු ළමුන් බෝඩිමේ අයිතිකාරයන් සමඟ යහන් ගත වන සිද්ධියයි. සන්නස්ගලයන් සරසවි ජීවිතය ගත කළ වකවානුවේ එවැනි දෑ සිදු වූවා මෙන් ම වර්තමානයේ ද එවැනි තත්වයන් දැකිය හැකි වීම පුදුමයට කරුණක් නොවේ. තම බෝඩිම් ගාස්තුව ලෙස එහි හිමිකරු ඉදිරියේ නිරුවත් වීම මෙන් ම ඇතැම් විට හොඳ රැකියාවකට පිවිසීමට හෝ වෙනත් අරමුණු සහිතව ද බෝඩිම් අයිතිකාරයන් හා යහන්ගත වන සරසවි සිසුවියන් ද නැතුවා ම නොවේ. ඒවායේ ප්‍රථිඵල ලෙස ඇතැම් සිසුවියන් ගැබ් ගැනීමත් අවසානයේ උපාධියත් අතහැර යළි දෙමව්පියන් ළඟට යාමට සිදුවීමත් පෙන්වා දිය හැක.

තව ද රාත්‍රියට ලිංගික සේවා සැපයීම පිණිස ගනුදෙනුකාරයින් හා හෝටල් කාමර තුළට යාමට ද ඇතැම් සරසවි සිසුවියන් පෙළඹී සිටින්නේ සිය දරිද්‍රතාවයට පිළියමක් වශයෙනි. සරසවි අසල කුලී රථ රියදුරන්ගේ උපකාර ඇතුව සිදු කරනු ලබන්නා වූ එවැනි සමාජ විරෝධී ක්‍රියා තුළ ගෞරවනීය උපාධියක් ලබන්නට ලැබූ වරම අහිමි නොවුණත් එකී ගෞරවය සියතින් ම කෙළෙසා ගැනීමක් සිදු කර ගනු ලබන්නේ එවැනි දෑ තුළින් සිය ආත්ම ගරුත්වය මුදල් ඉදිරියේ අතින් අතට හුවමාරු වන දෙයක් බවට පත්වන බැවිනි. එමෙන් ම බාහිර පිරිමියෙකුගේ හුස්මක්වත් නොවැදෙන ලෙස මව්පියන් විසින් ආරක්ෂා කළ තරුණියගේ ජීවිතය සල්ලාල පිරිමින් ඉදිරියේ කිසිදු චකිතයකින් තොර ව නිරුවත් වන්නක් බවට ද පත්වන නිසාවෙනි.

මේ ආකාරයට සොඳුරු සරසවි ජීවිතය අඳුරු මඩ ගොහොරුවක් බවට පත්කර ගැනීමට ඇතැම් සරසවි සිසුවියන් කටයුතු කිරීම අතිශයින් ම කණගාටුදායක ය. විශේෂයෙන් ම එසේ කිරීම තුළ අවසානයට දුක උරුම වන්නේ ඔවුන්ට පමණක් නොවේ. ඔවුන් ව මෙලොවට බිහි කළ ආදරණීය දෙමව්පියන්ට ද එම කඳුළු වල පහස විඳීමට සිදු වන්නේ දරු-දෙමව්පිය සම්බන්ධය තරම් වූ ප්‍රබල බන්ධනයක් මුළු මහත් විශ්වය තුළ ම නොමැති බැවිනි. එනිසා සරසවියට පැමිණීමට ලද විරල අවස්ථාව බුද්ධිමත් ව භාවිතා කොට ජීවිතය සාර්ථක කර ගැනීමට පමණක් ම කටයුතු කළ යුතු වන අතර තාවකාලික සතුටට වහල් වී එකී වටිනා අවස්ථාව ජීවිතය අඳුරට රැගෙන යන්නා වූ තෝතැන්නක් බවට පත් නොකර ගැනීමට ද වගබලා ගත යුතු ය.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් පහතින් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments

4 comments

  1. මං කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවියක්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවියන් තිදෙනෙක් සහ කැලණිය විශ්ව විද්‍යාලයේ මැනේජ්මන්ට් සිසුවියක් සමග ලිංගික සබඳතා පවත්වා තිබෙනවා. මේ අයට ඉගෙනීමට, අහාරපාන ආදිය සදහා මුදල් ලබා දුන්නේ මම. ඒ වෙනුවෙන් ඒ අය මාත් එක්ක හිටියා.. මෙයින් සිසුවියන් දෙදෙනෙක් මුල් වරට තමයි මාත් එක්ක ලිංගිකව එකතු උනේ.

    මේ කෙල්ලන් මට අවශ්‍ය දේ ලබා දුන්නා. මං ඔවුන්ට අවශ්‍ය දේ ලබා දුන්නා. හැබයි මං ඒ කාගෙවත් ෆොටෝස් කිසිදෙයක් ගත්තේ නෑ. මේ කිසිකෙනෙක්ගේ පෞද්ගලික විස්තර කාටවත් හෙලිකලෙත් නෑ.

  2. ලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රභලම ආවේගය …සෙක්ස් කියන එකේ වැරද්දක් නෑ …ඒක මැජික් එකක් කරලා තියෙන එක තමයි අවුල …අනික ඔබ මේ කියා කියන අනිකුත් කතා ටික සමාජ ආර්ථික කාරණාත් එක්ක ගටගැහිච්ච දේශපාලන අර්ථයකින් උත්තර දිය හැකි කාරනා..අපේ රටේ සෙක්ස් වලට තියෙන්නේ සංස්කෘතික අවුලක් …මේ අවුල් අවුල ලිහන එක තමයි කරන්න ඕනි …සම්ප්‍රධාය තියෙන්නේ ප්‍රශ්න කරන්න …සරලවම කිව්වොත් සිනා නොමසෙන් දසන් දක්වා කියනවාට වඩා හොඳයි කොන්ඩම් පාවිච්චි කරන්නේ කොහොමද කියලා උගන්නන එක

  3. සාක්ෂි තියනවද හිතලා ගොතපු කතාවක්නේ මේක

  4. මේ ලිපියෙ මං සඳහන් කරලා තියෙන හැම කරුණක්ම මගේ සරසවි ජීවිතය තුළදී ඇත්තමට මං අත්දැකපු දේවල්. මේ වගේ තත්ත්ව වලට ගොදුරු වුණ ඒ හැම කෙනෙක්ම මං පෞද්ගලිකව ඉතාම හොඳින් හඳුනනවා. සමහර අය දැන් හොඳ රැකියාවල් කරනවා. සමහර අය විවාහ වෙලා. ඒ නිසා එයාලගේ නම් ගම් මොනවද කියන එක වැදගත් නොවුණත් මේ හැම සිදුවීමක්ම සත්‍ය සිදුවීම් බව ඉතාම වගකීමෙන් ප්‍රකාශ කළ හැකියි.

Please comment using your facebook account.